අපේ පසුබිම

දකුණු පළාතේ ජනතාව ඉඳිකිරීම් ක්‍ෂෙත‍්‍රය පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් එක්රැස් කරගෙන ඇති අතර එය අතීතයේදී විහාරස්ථාන, දාගැබ්, වැව් අමුණු හා නිවාස මෙන්ම ඕලන්ද සමයේ ඉඳිකරන ලද ගොඩනැගිලි වල සම්ප්‍රදායන් අප ප‍්‍රදේශයේ ජනතාව තුළ ඇති සුවිශේෂි දක්ෂතාවයන් මනාව පිළිබිඹු කරන සංකේත වේ. විශේෂයෙන්ම අද යුගය හා සලකා බැලීමේදී තත්කාලීන සමාජ වටපිටාව තුළ ඉඳිවන ඉඳිකිරීම් තුළද අප ජනතාවගේ දක්ෂතාවයන් මනාව දැකගත හැකිය. රාජ්‍ය අංශයේ ඉඳිකිරීම් සදහා උපදේශක සේවා සපයන ආයතනයක් වන අප ආයතනය වෙත පැවරී ඇති සුවිශේෂි කාර්ය භාරය වන්නේ මනා නිමාවකින් හා ශක්තිමත් භාවයකින් යුත් ගොඩනැගිලි ඉඳිකර ජනතාවගේ අභිවෘද්ධිය සදහා ලබා දීමයි.

තවද අප සාඩම්බරයෙන් සිහි කල යුතු කරුණක් වනුයේ අප ආයතනය දැනට පළාත තුළ ඉදිරියෙන්ම සිටින උපදේශක සේවා සපයන ආයතනය වේ. අප ආයතනය 1991 ආරම්භ කර කෙටිකාලීන කාල පරිච්ජේදයක් තුළදී විශාල මෙහෙවරක් කරමින් ප‍්‍රදේශයේ ජනතාව සමෘද්ධිමත් කිරීමට නොමද සහයෝගය ලබා දී ඇත. වර්ෂ 1994 මෙම ආයතනය නව මුහුණුවරකින් යුක්තව නවීකරණය විය. එම නව ක්‍රමය තුළ කාර්යාලීය මුහුණුවර වෙනස් වූ අතර එහි ආයතන ප්‍රධානියා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ලෙස නම් කෙරිණි. මෙම ව්‍යුහය යටතේ නව තනතුරු කිහිපයක් ආයතනයේ ස්ථාපිත කෙරිණි. එනම්

1. ගොඩනැගිලි අධ්‍යක්ෂ

2. වාරිමාර්ග අධ්‍යක්ෂ

3. දකුණු පළාතේ දිස්ත්‍රික්ක 03 ආවරණය වන පරිදි (ගාල්ල, මාතර හා හම්බන්තොට) දිස්ත්‍රික් ඉංජිනේරු තනතුරු 03 ක්ද ස්ථාපිත කරන ලදි.

 

මීට පරිබාහිරව අභ්‍යන්තර ආයතනික ව්‍යුහයේද සුවිශේෂ වෙනස්කම් රාශියක් සිදු කෙරිණි.

1. ව්‍යුහාත්මක සැලසුම් ඒකකයක් ප්‍රධාන ඉංජිනේරු ව්‍යුහාත්මක සැලසුම් නිර්මාණ යටතේ වර්ෂ 1995 දී ස්ථාපිත කෙරිණි.

2. වර්ෂ 1996 දි ආයතනයට නව මානයක් ගෙන දෙමින් වාස්තු විද්‍යා ඒකකයක් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි යටතේ ආයතනය තුළ ස්ථාපනය කෙරිණි.

3. 2008 වර්ෂයට අප ආයතනයට ඉංජිනේරුමය ආයතනයක් ලෙස සදානුස්මරණීය වර්ෂයක් වන අතර එයට ප්‍රධාන හේතුව අප ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් වරලත් විභාගයට පෙනී සිටීමට පුහුණු වන ඉංජිනේරුවන් සඳහා ඔවුන්ගේ පුහුණූව ලබා දීමට පිළිගත් ආයතනයක් සේ අනුමැතිය ලැබීමයි.

දකුණු පළාත් ඉංජිනේරු සේවා ආයතනය ආරම්භයේදී සීමිත මානව හා භෞතික සම්පත් වලින් යුක්තව ආරම්භ වුවද අප විසින් මේ දක්වා ඉටුකරන ලද කාර්ය භාරය සුවිශේෂ ස්ථානයක් උසුලයි. ආරම්භයේදී ඉංජිනේරුවන් 04 දෙනෙකුගෙන්ද තාක්ෂණ නිලධාරී 88 දෙනෙකුගෙන්ද ලිපිකරු කාර්ය මණ්ඩලය 34 දෙනෙකුගෙන්ද යුක්තව ආරම්භ වූ මෙම ආයතනය අදවන විට වරලත් හා උපාධිධාරි ඉංජිනේරුවන් 17 දෙනෙකුගෙන්ද, විදුලි ඉංජිනේරු 02, වාස්තු විද්‍යාඥයින් 03 දෙනෙකුද, ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, තාක්ෂණ නිලධාරි 233 දෙනෙකුගෙන්ද ලිපිකරු කාර්ය මණ්ඩලය 51 දෙනෙකුද තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සහකාරවරුන් 03 දෙනෙකුද, විදුලි කාර්මිකවරුන් 03 දෙනෙකුද, අනෙකුත් කාර්ය මණ්ඩලය 24 දෙනෙකු දක්වා වර්ධනය වී ඇත. එදා මෙදා තුළ කාලය තුලදී අප විසින් ඉටුකරනු ලැබූ සේවාව අන් කිසිදු ආයතනයකට නොදෙවෙනි මට්ටමින් ඉතාමත්ම ප්‍රසස්ථ අයුරින් ඉටුකර ඇති බව අපගේ විශ්වාසයයි.