දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලයේ විකාශනය
- 1990.01.01 - දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලයේ සංවිධාන ව්‍යුහය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීම.
- 1990 - පළාත් ගොඩනැගිලි අධ්‍යක්ෂ, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ හා පළාත් මහා මාර්ග අධ්‍යක්ෂ යනුවෙන් අධ්‍යක්ෂවරු තිදෙනෙකු යටතේ ක්‍රියාත්මක වීම.
- 1990 මැයි - පළාත් ගොඩනැගිලි අධ්‍යක්ෂ කාර්යාලය දකුණු පළාත් ආහාර, සමුපකාර අමාත්‍යාංශය යටතේ ද, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ද, පළාත් මහා මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය (මහා මාර්ග) යටතේ ද ක්‍රියාත්මක වීම.
- 1993 මැයි - දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය (මහා මාර්ග) යටතේ ක්‍රියාත්මක වූ පළාත් මහා මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය, නව සාමාන්‍යාධිකාරීවරයෙකු යටතේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය නමින් දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලයෙන් වෙන් වු ආයතනයක් ලෙස ස්ථාපිත කිරීම.
- 1993.08.01 - අනුමත දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) තනතුර සඳහා ප්‍රථමයෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු පත් වු අතර, නැවතත් පළාත් ගොඩනැගිලි හා වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාල දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය යටතේ ක්‍රියාත්මක වීම.
- 2006 දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලෙස ක්‍රියාත්මක වීම.