ආයතන අංශය
ආයතන අංශයේ කාර්යභාරයන්
1. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය හා ඊට අනුබද්ධ දිස්ත්‍රික් කාර්යාලයන්හි සහ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා පත් කරන ලද තාක්ෂණ නිලධාරීන් (සිවිල්/ සැලසුම්) ගේ
o බඳවා ගැනීම
o සේවය ස්ථීර කිරීම
o උසස් කිරීම
o ස්ථාන මාරු කිරීම
o විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දීම හා විශ්‍රාම ගැන්වීම ඇතුලු සියලුම ආයතන කටයුතු
2. පත්වීම් බලධරයා ලෙස තාක්ෂණ සේවයේ නිලධාරීන්ගේ විනය කටයුතු සිදු කිරීම
3. දකුණු පළාත් සභාව තුළ පවත්නා තාක්ෂණික නිලධාරී තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම
4. තාක්ෂණ සේවාවේ පළාත තුළ නව තනතුරු ඇති කිරීම හා අනුමත තනතුරුවල සංශෝධන සිදු කිරීමට හා අදාල කටයුතු සිදු කිරීම
5. තාක්ෂණික නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධ කටයුතු කිරීම හා විභාග කටයුතු සිදු කිරීම
6. තාක්ෂණික නිලධාරීන්ගේ පෞද්ගලික සංචාර, රැකියා හා අධ්‍යයන, රැකියාවන්ට අදාල එතෙර නිවාඩු ලබා දීම
7. රාජකාරි විදේශ නිවාඩු ගරු ආණ්ඩුකාරතුමන්ගේ අනුමැතියට යොමු කිරීම
8. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවාවට අදාල අනුයුක්ත කිරීම, වැඩ බැලීමට පත් කිරීම, අන්තර්ග්‍රහණය කිරීම, පළාත් රාජ්‍ය සේවයෙන් මුදා හැරීම යනාදිය සඳහා නිර්දේශ ලබා දීම
9. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් කාර්යාලවල සියලු නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කාත්ෂණික නිලධාරීන්ගේ වැටුප් වර්ධක, වැටුප් පරිවර්තන කටයුතු ඇතුලු පෞද්ගලික ලිපිගොනු නඩත්තු කටයුතු හා මාණ්ඩලික නිලධාරීන්ගේ කාර්ය සාධන වාර්තා සම්බන්ධ කටයුතු
10. දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාලවල දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන්ගේ සහ අනෙකුත් මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ නිවාඩු දින වැටුප් අනුමත කිරීම
11. දෙපාර්තමේන්තුවේ තනතුරු, පුරප්පාඩු සම්බන්ධව වාර්තා ලබා ගෙන ඒ අනුව වාර්තා සකස් කිරීම
12. දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලයේ අනුමත සේවක සංඛ්‍යාව යාවත්කාලීන කිරීම
13. කාර්ය මණ්ඩල වාර්තා මාසිකව, තෛයිමාසිකව දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත යොමු කිරීම
14. දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලයට අයත් වාහනවලට අදාල සියලු කටයුතු සහ දිස්ත්‍රික් කාර්යාලවල වාහන වලට අදාල කටයුතු සිදු කිරීම
15. බිම් කුලි ගෙවීම, කාර්යාල දුරකථන, ජල හා විදුලි බිල්පත් ගෙවීම සහ මාණ්ඩලික නිලධාරීන්ගේ දුරකථන බිල්පත් නිරවුල් කිරීම
16. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම හා කාලය දීර්ඝ කිරීම
17. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ සියලු ආයතන කටයුතු
එන්.එස්. වීරක්කොඩි මයා
පරිපාලන නිලධාරී
දුරකතන අංකය - 091-4941477