ඉතිහාසය

දකුණූ පලාත් ඉංජිනේරු සේවා ආයතනය පළාත තුළ රාජ්‍ය අංශයේ ඉඳිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ උපදේශාත්මක ආයතනයන් අතර නියමුවා වේ. අප ආයතනය 1991 වර්ෂයේ ආරම්භ වූ අතර එය 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග අභිනවයෙන් බිහිවු ආයතනයකි. මෙම ආයතනය ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. අප ආයතනයේ නියමුවා වන්නේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) වන අතර ඔහු පරිපාලන කටයුතු මෙන්ම ඉඳිකිරීම් ක්‍ෂෙත‍්‍රය පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි.

අප ආයතනය යටතේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ඉංජිනේරු සේවා කාර්යාල 03 ක් ඇති අතර ඒවා ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉංජිනේරු (පාසල් ගොඩනැගිලි) හා දිස්ත්‍රික් ඉංජිනේරු (වෙනත් ගොඩනැගිලි), මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි) යටතේද පාලනය විය. පසුව දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල 03 ක් වශයෙන් වෙන් කරන ලද අතර ඒවා නම් ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි), මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි), හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි) වේ. අපගේ රාජකරි කටයුතු සැලකීමේදී ප්‍රධාන වශයෙන් ඉඳිකිරීම් කළමනාකරණය උපදේශනය තත්ත්ව පාලනය යන කාර්යන්ට ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කෙරේ. එක් අතකින් අප ආයතනය දකුණු පළාත තුළ රාජ්‍ය අංශයේ ඉඳිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ පුරෝගමියා වන අතර විශේෂයෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඉඳිකිරීම් වල ඇති නිපුණතාවය නිසා ජනතාවගේ ප්‍රසාදයට ලක්ව ඇත.

මේ වන විට අප ආයතනය නව තාක්ෂණය හා දැනුම අතින් පිරිපුන් පිරිසකගෙන් සමන්විත වන අතර විශේෂයෙන්ම ඉඳිකිරීම් ඉංජිනේරු ක්‍ෂෙත‍්‍රය ව්‍යුහාත්මක ඉංජිනේරු ක්‍ෂෙත‍්‍රය වාස්තු විද්‍යා ක්‍ෂෙත‍්‍රය යන අංශ වලින් සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන ඇත.