දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල (ගාල්ල / මාතර / හම්බන්තොට)
දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි) කාර්යාල මගින් ඉටු කරන රාජකාරි
1. පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, මධ්‍යම රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍යානුබද්ධ ආයතන මඟින් ලැබෙන ඉල්ලීම් අනුව ඇස්තමේන්තු සකස් කිරීම.
2. ඉල්ලීම් කරන අවස්ථා වලදී ප්‍රසම්පාදන ලේඛන (SBD අනුව) සකස් කර යොමු කිරීම.
3. ප්‍රතිපාදන වෙන් කර දී ඇති අවස්ථාවලදී අනුමත සීමාව යටතේ (මිලියන 5 දක්වා) ගිවිසුම්ගත වීම.
4. ඒ ඒ ආයතන වෙතින් අප වෙත යොමු කරන ලද ගිවිසුම් අනුව හෝ අප කාර්යාලය මඟින් ගිවිසුම්ගත කර්මාන්ත වල ඉඳිකිරීම් අධීක්‍ෂණය කිරීම, කොන්ත්‍රාත් පරිපාලනය හා ප්‍රගති සමාලෝචනය.
5. අධීක්‍ෂණය කරනු ලබන කර්මාන්ත සඳහා කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කරනු ලබන බිල්පත් පරීක්‍ෂා කර ගෙවීම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.
6. රජයේ ආයතන වලින් ලැබෙන ඉල්ලිම් අනුව තාක්‍ෂණ වාර්තා යොමු කිරීම, කඩා ඉවත් කිකරීමේ වාර්තා යොමු කිරීම හා තක්සේරු වාර්තා ලබාදීම.
7. තනි මහල් සඳහා වන තනි මහල් ගොඩනැගිලි වල ගෘහ නිර්මාණ සැලසුම්, ව්‍යුහ සැලසුම් සකස් කිරීම.
8. තාක්‍ෂණ ඇගයීම් හා ප්‍රසම්පාදන කමිටු නියෝජනය සඳහා නිලධාරීන් යොමු කිරීම.
![]() |
![]() |
![]() |
ඒ.ඒ.සී. මෙන්ඩිස් මහතාදිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි) ගාල්ලදුරකථනය - 091-4941546 |
සී.බී. අබයදීර මහත්මියදිස්ත්රික් ඉංජිනේරු (ගොඩනැගිලි) මාතරදුරකථනය - 041-2233934 |
ඩී.ඩී.එස්. එදිරිසූරිය මහතාදිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි) හම්බන්තොටදුරකථනය - 047-4931175 |